(ටී.කේ.ජී.කපිල)
රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමඟ , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අද(07) අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම සිව් දෙනා අතර කොළඹ ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි සහ 35 හැවිරිදි ගුවන් මගීන් දෙදෙනෙකු සහ මාවතගම ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි අයෙකු සහ රක්වාන ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි පුද්ගලයෙකු , සිටින අතර , ඔවුන් අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 15 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 560,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,800 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .