දෙනගම් ඔයේ ජලය ඉඹුල්පේ පැරණි පාලම මට්ටමට එයි



(ප්‍රින්ස් රත්නායක)
 
සමනලවැවේ ජලමූලාශ්‍රයක් ලෙස පවතින දෙනගම් ඔයේ ජල මට්ටම ඉඹුල්පේ පැරණි පාලම මට්ටමට  ආසන්නව පවතී.  
 
පාලමේ ආරුක්කුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර ඔයේ ඉවුරු දෙපස ජලයෙන් යටවී තිබේ.
 
බදුල්ල - කොළඹ මාර්ගයේ නව පාලම ඉදිකිරීමට පෙර භාවිත කෙරුණු  මෙම පාලම   දැනට භාවිතා කරනු නොලැබේ.