දෙන්නා රවුමකුත් ගිහිල්ලා


වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කාරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක් තෑගි කළේය.

එය තමන්ට ලැබුණු ‘හොඳම තෑගි වලින් එකක්’ යැයි නායක කිම් ජොන් උන් පවසා තිබුණු අතර, රුසියන් ජනාධිපති පුටින්, නායක කිම් ජොන් උන් එම ලීමෝසීන් රියේ නංවාගෙන නායක උන් රවුමක් රැගෙන යෑමට අමතක කළේ ද නැත.

(අල් ජසීරා)