දෙමටගොඩ ගුවන් පාලම මතදී ගින් ගත් මෝටර් රථය


බිමල් ශ්‍යාමන් ජයසිංහ

දෙමටගොඩ බේස්ලයින් ගුවන් පාලම මතදී මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර දී හිටියේ ගිනි ගැනීමට ලක් වි ඇතැයි දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් එම් එස් ජයරත්න මහතා පවසයි.

බොරැල්ල සිට ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථයේ  දෙදෙනකු සිට ඇති බවත් ගින්නෙන් ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුවී නැති බවත් ස්ථානාධිපතිවරයා පවසයි

මෝටර් රථයේ එන්ජිම කොටසෙන් ගිනි ගැනීම ලක්වී ඇති අතර ඒ සමගම එම ප්‍රදේශය මං දුමාරයකින් වැසී යාමත් සමඟම ඒ හරහා ගමන් ගන්නා සියලුම වාහන මදකට නතර කිරීමට පියවර ගත් බවත් ස්ථානාධිපති වරයා කීය

කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ තුනක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ කළත් ඒ වනවිටත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්වී ඇත.

මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් කඩුවෙල පදිංචිකරුවන් ය

ගිනි ගැනීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත