(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කළ බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය එම වෑන් රථයද ඒ අසල දමා ගිනි තබා ඇතැයි ද පවසයි.
යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා පළමුව වෑන් රථයේ හප්පා පසුව වෙඩි තබා ඇති බවට තොරතුරු ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පසුව වෑන් රථය අසල මාර්ගයකට දමා ඊට ගිනි තබා සැකකරුවන් පළා ගොස් ඇත.