(ගයාන් සූරියආරච්චි)
අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
දේශබන්දු තෙන්නකොන් මහතාගේ බිරියගෙන් සහ පුතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර පිහිටි පෞද්ගලික නිවසේදීය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබුණි.