(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දේශබන්දු හෝ සෙව්වන්ද ඉන්න තැන දන්නවා යැයි තමා කීවේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා කීවේ දේශබන්දු ඉන්න තැන දන්නවා යැයි කියා නොව දේශබන්දු සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන බව පමණක් යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සජබ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.