(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද විවෘත වරෙන්තු නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් සැකකාර පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවී සිටි දේශබන්දු තෙන්නකෝන් සැගවී ඇතැයි සැක කරන ස්ථාන දහයක් පරික්ෂා කර ඇති බවත් එහෙත් ඔහු සොයා ගත නොහැකි වු බවත් ඊට අමතරව තවත් ස්ථාන 18 කට බුද්ධි නිලධාරීන් යොදවා තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.