(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
වැලිගම හෝටලයක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ අනිවාර්ය නිවාඩු ලබා සිටින දේශබන්දු තෙන්නකොන් ලබන 3 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද නියෝග කළේය.
අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ අතර අද දින ඇප ලබා දෙනවාද යන්න ගැන සලකා බලන බව මහේත්‍රාත්වරයා ඊයේ දැනුම් දුන්නේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීම ප්‍රතිකෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළේය.