නකල්ස් රක්ෂිතයේ පැළ සිටුවති


(ඉන්දික අරුණ කුමාර)
 
නකල්ස් අධි සංවේදී රක්ෂිත කලාපයේ වන ඝණත්වය වැඩිකිරීමේ අරමුණින් හිස් භූමි ප්‍රදේශවල පැළ සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කෙරිණි. එක්සත් ජාතින්ගේ සුළු මූල්‍යාධාර වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකව තිබේ.
 
පිටවල -  රෙඩ්බානාගම රක්ෂිත ප්‍රදේශයේ දී වැඩසටහන ආරම්භ  කළ අතර එහිදී දුම්බර පරිසර පද්ධතියට ආවේණික කළුවර, කුඹුක්, කරඳ, බුළු, ඇටඹ, මී වැනි පැළ රෝපණය කෙරිණි. 
 
මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන වන දුම්බර මිතුරෝ, අනුරුද්ධ අරණ හා  රංගිරි පියස  යන  පරිසර සංවිධානවල පිරිසද, එක්සත් ජාතින්ගේ සංවිධානය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මීට එක්වී සිටියහ.