නත්තලේ ප්‍රධාන දේවමෙහෙය කටුවපිටිය දෙව්මැදුරේදී


 

ලෝකය පුරා  බැතිමතුන්  ජේසු බිළිඳුන්ගේ  උප්පත්තිය  සමරන අසිරිමත්  නත්තලේ  ප්‍රධාන  දේවමෙහෙය හෙවත්, ශුද්ධ වූ  දිව්‍ය පූඡා යාගය  කටුවාපිටිය  ශාන්ත  සෙබස්තියන්  මුනිදුන්ගේ  දේවස්ථානයේ  දී  පැවත්විණි.

දේව මෙහෙය කොළඹ  අගරදගුරු   අති උතුම්  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ  ප්‍රධානත්වයෙන්  ඇරඹිණි.
 
පසුගිය  අප්‍රෙල්  21 වැනි දා  මෙම  දේවස්ථානයේ දී  සිදුවූ  බෝම්බ ප්‍රහාරයට  ලක්වී  තුවාල  ලබා ප්‍රතිකාර ලබමින්   සිටින   පිරිසක්  ද  මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු අයුරු දැකිය හැකි විය. 


 
(ඡායාරූප  -  චතුර එස්. කොඩිකාර)