නන්දිකඩාල් කලපුව පිරී පුදුකුඩුඉරිප්පු මාර්ගයත් ජලයෙන් යට වෙයි


 


මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වසර ගණනකට පසුව නන්දිකඩාල කලපුව පිරී පවතින අතර කලපුව හරහා ඉදිකොට තිබෙන වට්ටුවාකල් පාලම් මාර්ගයට ඉහළින් ජලය ගලාගෙන යාමටද පටන්ගෙන ඇත.

 ජල මට්ටම ඉහළ ගියහොත් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වීමේ අවධානමක්ද  පවතී.

වසර ගණනාවක් මුලතිව් දිස්ත්‍රීක්කයට පැවති නියං තත්වය හමාර කරමින් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට නන්දිකඩාල් කලපුව පිරීම හේතුවෙන් කලපුවේ එක් ස්ථානයකින් කැඩී ජලය මුහුදට ගලා යාමටද පටන් ගෙන තිබේ.

( රොමේෂ් මධුෂංඛ)