ඉන්දියාවේ නව කොරෝනා වයිරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම නව කොරෝනා වයිරස ප්‍රභේදය පැතිර යන්නේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේය. මෙම නව වයිරස ප්‍රභේදය සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි පැවැසෙයි.
නව වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් පසුවෙයි. කේරළ ප්‍රාන්තයේ 230 දෙනකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇත.