නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්


(අමදෝරැ අමරජීව)

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය .

කඩා වැටුණු ලංකාවේ ආර්ථිකය වසර පහක දුර කාලය තුල යහපත් මට්ටමට ගෙන රට  සංවර්ධනයක් කරා ගෙන යෑමට හැකි වෙතැයි නව  ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන බවද සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය 

තම පක්ෂයේ ඉල්ලීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුන් කඳුරට ජනතාවට මෙහිදී ස්තුතිය පුද කරන බවද කම්කරු කොංග්‍රසයේ සභාපති ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කීහ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමටද මෙහිදී ස්තුතිය පළ කරන බව සෙන්දිල් තොණ්ඩුවන් මහතාත් වැඩිදුරටත් කීහ .