නව නිපැයුම් කොමිසමට ’’ලොක්කෝ’’ පත් වෙති


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ 4(1) වගන්තිය අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, අමාත්‍යවරයාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කොමසාරිස්වරයෙකුගෙන් සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු වේ. 

මේ වන විට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සියලුම සාමාජිකයින් ඉල්ලා අස් වී ඇති අතර, පුරප්පාඩු සඳහා කොමසාරිස්වරයෙකු සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු පත් කළ යුතුව ඇත. 

ඒ අනුව, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න මහතා පත් කිරීමටත්, එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්. ජී. රාජපක්ෂ මහතා සහ වෛද්‍ය එන්.ආර්.එස්. ආරියරත්න මහතා පත් කිරීමටත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.