නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පිළිවෙත් හඳුන්වාදීමේ වැඩසටහනක්


 


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පිළිවෙත් හඳුන්වාදීමේ වැඩසටහනක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) පැවැත්විණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, විපක්ෂ නායක නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
පක්ෂ විපක්ෂ සියලු නවක මන්ත්‍රීවරු‌ මේ අවස්ථාවට එක්ව සිටියහ.

විද්වත් සම්පත් දායකයින් විසින් පාර්ලිමේන්තු පිළිවෙත්, ස්ථාවර නියෝග, වරප්‍රසාද හා සම්ප්‍රදායන් ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරදෙන ලදී.