නාඋල කුඩා වැව් සිඳී යයි


(සිඳී ගිය වැව්)

(වැව් ජලයෙන් වගාකිරීමට ඇති වගාභූමි)

 

(ඉන්දික අරුණ කුමාර)
 
වියළි කාලගුණ තත්වය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිබිල වැව, දෙකේ කනුව වැව, නාඋල වැව ඇතුළු කුඩා වැව් රැසක් සිඳී ගොස් ඇතැයි ගොවි සංවිධාන කියයි.
 
දැඩි පෑවිල්ලත් සමග එව සුළඟ වැව්වල ජලය සිඳීයාමට බලපා ඇති අතර, මේ හේතුවන් ඇතැම් වැව් පතුල්වල  තෘණ වර්ගද වැවී තිබේ. නෙළුම් වැනි ශාක පවා  විනාශ වෙමින් ඇති බව ගොවීහු කියති.
 
වැසි නොලැබීමෙන්, භූගත ජල මට්ටම පහත බසිමින් ඇති බවද, මේ තත්වය ඉදිරියට පැවතුණහොත් ළිංවල ජල මට්ටම පවා පහත බසිනු ඇති බවද ඔවුහු පවසති.
 
මූලික බිම් සැකසු බොහෝ වගාභූමිවල වගා කටයුතු මේ හේතුවෙන් කර ගත නොහැකිව ඇතැයි ගොවි සංවිධාන කියා සිටියි.