( මහින්ද නිශ්ශංක)
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
මහමැතිවරණයට ඉදිරිපත්වන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් භාර ගැනීමද අද (11) දහවල් 12 ට අවසන් බවද ඒ මහතා සඳහන් කළේය.
මේ වනවිට පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241 ක් නාමයෝජනා භාර දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර ස්වාධීන කණ්ඩායම් 349 ක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි අද දහවල් නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව පැයක පමණ කාලයක් විරෝධතා දැක්වීමට අවස්ථාව සලසා තිබේ.
.