නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්




(සුජිත් හේවාජුලිගේ)

රාජපක්ෂ පාලනය  උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පළ  කරමින් ඔහු මෙසේ සඳහන් කරයි.

වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම්තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවද  නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද  රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.