(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ - කුරුණෑගල මාර්ගයේ නාල්ල මංචිකඩේ හන්දිය ආසන්නයේදී අද සවස සිදු වූ අනතුරකින් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
දඹදෙණිය හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි නාල්ල පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර පාසල් සිසුන් තිදෙනකු ද සිටින අතර ඔවුන් දඹදෙණිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ කුරුණෑගල සිට කොළඹ දෙසට ගමන් ගත් ළංගම බස් රථයක් හා වැලි සෝදන යන්ත්‍රයක් පටවාගෙන ගමන් ගත් විශාල ට්‍රක් රථයකි.
බස් රථය මංච්කඩේ හන්දිය පසුකර ඉදිරියට ගමන් කරන අවස්ථාවේ ඉදිරිපසින් පැමිණි රථයේ කෙළවරක් බස් රථයේ ගැටී ඇත. ඒ අවස්ථාවේදී එහි පටවා තිබූ යන්ත්‍රය හැරී ගොස් බස් රථය ඉදිරිපස වැදීම හේතුවෙන් බස් රථය අසලින් ගලා බසින ඇළට වැටී ඇතැයි පොලිසිය කියයි.