නාවික හමුදා විශේෂ බලඝණයේ භටයෝ විසිර යති


(ඉන්දිකා  රාමනායක)

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ  29 වැනි   බඳවා  ගැනීමට අයත්   භටයින්ගේ   විසිර යාමේ උත්සවය  ඊයේ (5) නාවික හමුදාපති  වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න  මහතාගේ  ප්‍රධානාත්වයෙන් ත්‍රිකුණාමලය එම බලකා මුලස්ථානයේ දී පැවැත්විණි.

  විශේෂ යාතා්‍ර බලඝණයේ අනදෙණ නිලධාරීන් කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණ යටතේ පුහුණුව නිමකළ නිලධාරීන් තිදෙනකු හා  භටයින් 19 දෙනෙක්ට නාවික හමුදාපතිවරා  විසින්   අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණයේ  ලංඡන   පැළදීමෙන් පසු  සමන්විත කණ්ඩායම  මෙදින විසිර ගියහ.

පුහුණුවෙන් ලද පන්නරය  විදහා දක්වමින්   මෙහිදී ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් පැවැත් වු අතර ඒ සදහා බෙල් 212  හෙළිකොප්ටර් යානායක්  ද උපයෝගි කරගෙන තිබිණි.