නාවික හමුදාව හා ජපාන ආරක්‍ෂක බළකාය අතර මාණ්ඩලික සාකච්ඡා


 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (14) සහ අද (15) කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.
 
මෙහි දෙවැනි සාකච්ඡාව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් එතුමන්ව මෙම අවස්ථාව සඳහා පිළිගන්නා ලදී.
 
තවද, ජපන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයෙකු වශයෙන් කෙන්තාරෝ සොනූරා  මහතාද මෙම අවස්ථාව සඳහා එක්විය.
 
දෙවැනි දිනයේ සාකච්ඡාව ආරම්භ කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියඅද්මිරාල් නිරාජ ආටිගල මහතා ජපන් නියෝජිත පිරිස පිළිගන්නා ලදී.
 
දින දෙකක් පුරා පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහභාගී විය.
 
එහි ප්‍රධානත්වය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජීව ඩයස් මහතා විසින් දරණ ලද අතර, ජපාන නියෝජිත පිරිසේ ප්‍රධානත්වය හිරෝයුකි හබුචි මහතා විසින් දරණ ලදී.
 
දෙරට අතර ප්‍රථම වරට පවත්වන ලද මෙම මාණ්ඩලික සාකච්ඡා මාලාව තුලින් දෙරටේ මිත්‍රත්වය සහ අනෝන්‍ය සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට හේතු විය. 
 
මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපති සහ කෙන්තාරෝ සොනූරා  මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

(28535)
 
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය