නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරැඹෙයි


(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පෙරළියක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වියහැකි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10.30 ට යෙදී තිබූ සුබ මොහොතේදී සමරු ඵලකය නිරාවරණය කරමින් නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කළේය.

මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහ විදේශ තානාපතිවරු විශාල පිරිසක් සහභාගි වූහ.