නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් යළි අරඹන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්


(ශාන්ත රත්නායක)

වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නැවත වරාය අධිකාරිය මගින් ආරම්භ කරන ලෙස බල කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් සහ පාගමනක් අද  (24) පස්වරුවේ පැවැත්විණි.

එහිදී වරාය අධිකාරියේ වාත්තීය සමිති 23 ක් පමණ සාමාජිකයින් සංදේශයක් බාරදීම සදහා වරාය අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කළේය.