ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින් ජානමය අනුපිළිවෙල හඳුනාගැනීම පිළිබඳ වැඩමුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ දී පසුගියදා (2) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අභ්‍යාවකාශය තුළ දී පවා එහි සිටින ජීවීන්ගේ ජාන හඳුනා ගැනීමේ හැකියාව ඇති මෙම නවමු තාක්ෂණය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් වෙත හඳුන්වාදි මේ අරුමුණින් මෙය පැවැත්විණි.
මෙහි ප්‍රධාන දෙසුම සිදු කරන ලද්දේ ඔක්ස්ෆර්ඩ් නැනෝපෝර් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විද්‍යාඥ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආචාර්ය ලක්මාල් ජයසිංහ විසිනි.
වැඩමුළුව සංවිධානය වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය නීලිකා මලවිගේ හා එම විශ්ව විද්‍යාලයය මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර යන මහාචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.