නිකවැරටියේ රට කජු ගොවීහු අස්වනු නෙළති



(ප්‍රියාණි මංගලිකා)
                         
නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ රට කජු ගොවීහු මේ දිනවල සාර්ථකව අස්වනු නෙළමින් සිටිති.

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, මහව කලාප කෘෂිකර්ම නිලධාරීන්ගේ මෙහෙයවීමෙන්, කෘෂි උපදේශිකා ශානිකා බණ්ඩාර මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම රට කජු වගාකෙරිණි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කෙරෙමින් පැවති පසුගිය කාලයේදී, ඔවුහු රටකජු වගාකළහ.