නිතී විරෝධි දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටියදී , එම ගුවන් මගියා ද සමඟ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 30 හැවිරිදි වියේ පසුවන රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන විදේශ රටවල සිට මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත , පානදුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .

ඔහු විසින් රැගෙන ආ රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන අඩංගු ගමන් මලු තුළ දුම්වැටි සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .