නිදහස් දින පෙරහුරුවක් ගාලු මුවදොරදී


(ලහිරු හර්ෂණ)
 
ශ‍්‍රී ලංකාවේ 71  වැනි ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරුවක්  අද  (31)  ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.
 
 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්  සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලූමුවදොර පිටියේදී  නිදහස් දින උළෙල අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය.
 
 මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම්  මොහොමඩ් සොලීහ් මහතා සහ එම මැතිනිය සහභාගීවීමට නියමිතයි.