නිධන් හෑරු 9ක් අල්ලයි


( පද්මසිරි ගාර්දියවසම්) 

සූරියවැව මහවැලි කඩආර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි නව දෙනෙකු ඊයේ (15) සවස  අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය . 

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර නාවික හමුදා ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සිවිල් ඉංජිනේරුවරයෙක්ද  සිටින අතර,  අනෙකුත් සැකකරුවන් මිද්දෙණිය සහ සූරියවැව ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති .

ඔවුන්  අවුරුදු 35, 40 වයසේ පසුවන අය බවද පොලිසිය කීවේය  .  සැකකරුවන් සමඟ වෑන්රියක්, ත්‍රිරෝද රථයක් සහ නිධන් හෑරීමේ උපකරණද පොලිස්බාරයට ගෙන තිබේ.