නිධානයකින් ගත් කඩුව අලෙවි කරද්දී මාට්ටු


(ඉන්දිකා  රාමනායක)

මහියංගන රක්ෂිතයේ  තිබු නිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යා  වටිනාකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 40 කට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු සමනලවැව පඹහින්න ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ  පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සති 3ට ඉහත දී  මහියංගනය රක්ෂියේ නිධානයකින් මෙම කඩුව ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.

වළගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා  වටිනාකමකින් යුත් මෙම  කඩුව ලක්ෂ 60 ක මුදලකට කිරීමට සූදානම් කර ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් උපාය දූතයන් වශයෙන් යොදා මෙම වැටලීම සිදුකර ඇත.

රුපියල්  ලක්ෂ 60 ට අලෙවි කිරීමට තහනම් කර තිබූ මෙම කඩුව සැකකරුවන් රුපියල් 40 කට ලබා දීමට  කැමැත්ත පළ කර ඇති අතර  පොලිස් උපාය දූතයන් ඊයේ රාත්‍රියේ  පොලිස් නිලධාරීන් පඹහින්න ප්‍රදේශයට කැඳවාගෙන විත් ගනුදෙනුව සිදු කරන අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරුවන්  දෙදෙනා  බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.