නිල්ගල ඔසු උයන පුරා ගුරුළුරාජ පිපෙයි


(ප්‍රසන්න පත්මසිරි)

බිබිල නිල්ගල  ඖෂධීය වනය මැද විශාල ගස් ආධාරකරගනිමින් මේ දිනවල ගුරුළුරාජ පැළෑටිය සරුවට වැඩී එහි දම් පැහැති මල් පිපී තිබේ.

ඌව පළාතට අනන්‍ය පුෂ්පය වන්නේද මේ ගුරුළුරාජ මලයි. සෑම වසරකම ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ නිල්ගල වනයේ මේ මල් පිපෙන්නට ගනී.

ගුරුළුරාජ පැළෑටිය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ආරක්ෂිත ඉතා දුර්ලභ ගණයේ ඒකදේශික උඩවැඩියා ශාකයකි.

ආදිවාසීන් ඇතුලු දේශීය වෛද්‍යවරුන්  සර්ප විස, හිසේ අමාරුව, බඩේ අමාරුව, සෙම, ඇදුම, වැනි රෝග සඳහා අතීතයේ සිට  ගුරුළුරාජ මල ඖෂධීය මලක් ලෙස භාවිත කරන බව රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තෝ කියයි.