(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු මෙම තරුණයන් දෙදෙනා බේරා ගැනීමට සමත් වූහ .
මෙසේ බේරා ගනු ලැබුවේ යාපනය, චාවාකච්චේරි පදිංචිකරුවන් වන උදය කුමාර් ජේදරන් (20) හා කෝඩිස්වරන් සනුජන් (21) යන අයයි.
දියවැලට හසුව ගසාගෙන යද්දී මෙම තරුණයන් දෙදෙනා බේරා ගන්නා විටත් මීටර සීයක් ඈතට ඇදී ගොස් තිබිණැයි ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් පැවසීය.