නිවාඩු ගත් සබරගමු සරසවි ඇදුරෝ කෝටි 9ක් ගිලලා


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

බැඳුම්කර කඩ කිරීම හේතුවෙන් ඔවුන්ගෙන් එම මුදල අය කර ගැනීමට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.