නීතිඥවරියට අපහාස කිරීම: මන්ත්‍රීට පියවරක් ගන්නැයි කතානායකගෙන් ඉල්ලයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීතිඥ ස්වස්ථිකා අරුලිංගම්  මහත්මියට බරපතළ අපහාස කරන  ලදැයි කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු ස්ථාවර නියෝගයක් අනුව කටයුතු කරන්නැයි  සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන්  පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ  ප්‍රකාශයක් කරමිනි.

බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

අපි දන්නවා මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ සිද්ධවූ බව. නීතිඥ ස්වාස්ථිකා  අරුලිංගම් මහත්මිය ගැන   මන්ත්‍රීවරයකු බරපතළ  අපහාසාත්මක ප්‍රකාශයක් කරලා තියෙනවා. ඇය  මේ සිද්ධිය වාර්තා කරලා තියෙනවා. අපිත් මේ ගැන  දන්නවා. මේ පිළිබඳව සොයා බලා සුදුසු ස්ථාවර නියෝගයක් මත පදනම්ව කටයුතු කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.