නීතිය සඟරාවේ 29 කලාපය එළිදකී


නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් වසර 29ක් අඛණ්ඩව සිංහල භාෂාවෙන් පළ වන එකම සඟරාව වන ‘‘නීතිය‘‘ සඟරාවේ 29 වන සංවත්සරික කලාපයේ මුල් පිටපත අද(26) නීතිඥ රුවන් ජයවර්ධන මහතා අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට  පිළිගැන්වීය.

ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අගවිනිසුරු නිල මැදිරියේදී  සඟරාව පිළිගැන්වූයේය.

ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න, නීතිඥවරුන් වන රමිත දිසානායක, ප්‍රසාද් චතුරංග, තේජා ගුණසේකර , සෙනාල් මතුගම, සුභාෂිනි ජයලත් සහ නීති ශිෂ්‍ය චතුර දිසානායක යන මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)