( ටී.කේ.ජී.කපිල )
රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මින් එක් අයෙකු මහනුවර , කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නෙකි අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කායවර්ධන උපදේශකවරයෙකි .
මොවුන් දෙදෙනා සිය ගමන් මලු තුළ සගවා ගෙන , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .