නුවරඑළියෙත් 26ක් ප්‍රතික්ෂේපයි


(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ  බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවැසුවාය.

නාමයෝජනා පත්‍ර 110 ක් ලැබුණ බවත්, ඉන් දේශපාලන පක්ෂ 18 සහ ස්වාධින කණ්ඩායම් 8ක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වු බව  තෙන්නකෝන් මහත්මිය සඳහන් කළාය.

කොත්මලේ සහ මස්කෙළිය ප්‍රාදේශීය සභාවලට ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනාද ප්‍රතික්ෂේප වූ ලයිස්තු අතර වේ.