නුවරඑළියේ ඉපැරණි සයිප්‍රස් ගස් කපා දමති


(රංජිත් රාජපක්ෂ)                      

නුවරඑලිය නගරයේ ග්‍රැන්ඩ් හෝටලයට පිවිසෙන ප්‍රධාන මාර්ගය අසල පිහිටි තවත් ප්‍රධාන හෝටලයක් ඉදිරිපිට තිබු වසර 135 කට වඩා ඉපැරණි සයිප්‍රස් ගස් දෙකක් අද (28) දින කපා දැමිමට එරෙහිව පරිසර හිතකාම් තරුණයන් පිරිසක් විරෝධතාවයක නිරත වුහ.

එම සංචාරක හෝටලයේ රථ ගාල අසල තිබු සයිප්‍රස් ගස් පහක් එකම රටාවකට මිය ගොස් ඇති බවත් මෙය ඉතා සැලසුම් සහගතව එම ස්ථානයෙන් ගස් කපා ඉවත් කර එම හෝටලයේ රථ ගාල පුළුල් කිරිමට කිසියම් පිරිසක් විසින් ඉතා සුක්ෂම ලෙස මෙය සිදු කරන බව විරෝධතාකරුවෝ පවසති.

එලිසෙබඩ් මහ රැජින සිහි කිරිම පිණිස නුවරඑලිය නගරය පුරා සයිප්‍රස් ගස් ගණනාවක් රෝපණය කර තිබු අතර , එම හෝටලය ඉදිරිපිට තිබු ඉතා විශාල සයිප්‍රස් ගස් දෙකක් මිට ප්‍රථම එම හෝටලයේ පාලන අධිකාරිය විසින් කපා දමා තිබෙන බව ඔවුහු කියති.

මිට ප්‍රථම එම ස්ථානයේ තිබු සයිප්‍රස් ගස් කිහිපයක් කපා ඉවත් කිරිම සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා වෙත කරන ලද පැමිණිල්ලක් මත මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉපැරණි ගස් කපා දැමීම සම්බන්ධයෙන් ආයතන වලින් පුර්ණ අනුමැතියට යටත්ව සිදු කරන ලෙසට අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී තිබුණි.

සයිප්‍රස් ගස් දෙකක් කපා දැමිම සම්බන්ධයෙන් අප නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ මිය ගොස් ඇති සයිප්‍රස් ගස් කපා ඉවත් කිරිමට අදාළ සංචාරක හෝටලය විසින් තම ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයෙන් සහ එම ආයතන වලින් පුර්ණ අනුමැතියක් ලබාගෙන ඇති බවයි.