නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා


(රංජන් කස්තුරි) 

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්‍රදේශයේ සුපිරි හෝටලයක එම ජාවාරම සිදුකරගෙනගොස් ඇතැයි බවටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය තොරතුරුඅනාවරණය කරගෙන තිබේ.

මෙම චීන ජාතිකයන් පිරිස හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක් වසරක කාලයකට වෙන්කරගෙනමසක පමණ කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් එම මූල්‍ය වංචා සිදු කරගෙන ගොස් ඇතැයි ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ සොයාගෙන තිබේ.

ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකුට අයත් බව කියන මෙම සුපිරි හෝටලය සැප්තැම්බර් මස දොළොස් වැනි දින සිට වසරක කාලයකට මෙම චීන ජාතිකයින් විසින් වෙන් කරවාගෙන තිබූ බවදඔවුන් සීයකට අධික පිරිසක් මසක් පමණ කාලයක් එහි රැඳී සිටිමින් මෙම ජාවාරමේදී සිට ඇති බවට බුද්ධි අංශමගෙන් ලබා දී ඇති තුරුතුරුවලදී හෙළිවී ඇතැයි ද වාර්තාවේ

එම බුද්ධියන්ත තොරතුරු වලට අනුවඅවස්ථා ගණනාවකදීම පොලිසිය එම සුපිරි හෝටලය පරීක්ෂා කර බලා එහි රැඳී සිටි සියයකට අධික චීන  ජාතිකයින් පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇතැයිද පැවසේ