නෙළුම් කුළුණේ වැඩ නිමවීමට ආසන්නයි


ශාන්ත රත්නායක


ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද (15) නෙළුම් කුළුණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අදහස් දැක්වූ අමත්‍යවරයා සඳහන් කළේ නෙළුම් කුලුනේ ඉදිකිරීම්  කටයුතු මේ වන විට බොහෝ සෙයින් අවසන් වී ඇති බවයි.

තව සති කිහිපයක් තුළ ඉදිකිරීම් අවසන් කර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවරාදීමට ඉදිකිරීම් සමාගම් කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.