නොහික්මුණු වන අලියා නිර්වින්දය කර අල්ලාගනී


 



අම්පාර කරංගාව ප්‍රදේශයේ මහජනතාවට හිරිහැරයක් වූ  වන අලියා  නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි විය.
දින කිහිපයක සිට මෙම අලියා ඇල්ලීම සඳහා වනජීවී නිලධාරීන් විසින්  කටයුතු කරනු ලැබිය.

අවස්ථා කිහිපයකදීම මෙම අලියා වනජීවී නිලධාරීන් පසුපස  පන්නා ගෙන පැමිණ ඇති අතර  පසුව  තුන්වැනි අවස්ථාවේ ලබාදුන් එන්නතකින් අලියා නිර්වින්දනය වු බව අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙම වන අලියා ඇල්ලීම සදහා පශු වෛද්‍යයවරු දෙදෙනෙකු ඇතුළු වනජීවි නිලධාරීන් 21 දෙනෙකු සහභාගි වී ඇත. හොරොව්පතාන  අලි රැවුම් මධ්‍යස්ථානයට ගෙනයාමට නියමිත බව අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

( වසන්ත චන්ද්‍රපාල)