පක්ෂය හැරදා ගිය අය ආපහු ගන්නේ නෑ


(සුජිත් හේවාජුලිගේ )

ශක්තිමත් දෙවැනි පෙලක් නිර්මාණය වෙමින් පවතින හෙයින් පක්ෂය හැරදා ගිය අය නැවත නොගන්නා බව ශ්‍රී ලංකා පොදු  ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පක්ෂය හැරදා ගිය අයගේ කාර්යභාරය දෙවැනි පෙළ දැන් හොඳින් ඉටුකරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

පක්ෂය හැරදා ගිය අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා  කීවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරදා ගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අනූ දෙකකි.