පණීභාරතයන්ගේ 100 වැනි ජන්ම දිනය සැමරෙයි


"ගුරු දේව පණීභාරත " අභිනන්දන  කෘතිය   ජනගත කිරීම හා ඒ මහතාගේ  සිය වැනි  ජන්ම දිනය නිමිති කර  "2020  ජාතික  නර්තන  දින සැමරුම් උත්සවය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද  (24) පැවැත්විණි.

ශ්‍රී  ලංකීය  නර්තන  කලාවේ පුනරුදය උදෙසා  දශක  හතකට  අධික  කාලයක්  ඇප කැපවූ  ආචාර්ය  පණීභාරත සූරීන්ගේ  මෙහෙවර  ඇගයීම  වෙනුවෙන්  බණ්ඩාර ඇහැලියගොඩ  මහතා විසින් මෙම කෘතිය රචනා කර තිබේ.  

මෙහිදී  පණීභාරත සූරීන්  වෙනුවෙන්  සමරු  මුද්දරයක්  නිකුත් කළ අතර  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්   සමරු මුද්දරය  පණීභාරත  මහත්මිය වෙත  පිරිනමන ලදී.

රාජ්‍ය අමාත්‍ය  දයාසිරි ජයසේකර, මහාචාර්ය ජේ .බී .දිසානායක, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන්  ඇන්තනී  යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර