(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙන්වීමට පියවර ගත් බව වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ මැතිවරණ කාර්යාලය පවසයි.
මෙසේ නිලධාරී පිරිස නොපැමිණීම හේතුවෙන් එම පුරප්පාඩු පිරවීම සඳහා කොළඹ සිට බස් රථයකින් නිලධාරීන් පිරිසක් කැඳවීමට පියවර ගත් අතර පස්වරු හතර වන විටත් තවත් ඡන්ද මධ්‍යස්ථාන දහතුනක ඡන්ද පෙට්ටි නිකුත් කිරීමට නියමිතව තිබූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය .