පමා වී ආවේ බස් නැති නිසයි පාරේ


(පාලිත ආරියවංශ )

පාසල් බසය නොමැති නිසා පමාවී පාසල් පැමිණි බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසු සිසුවියන් පිරිසක් උදෑසන රැස්වීම අවසන් වන තෙක් පාසලෙන් පිටත මහ පාරේ රඳවා සිටින අයුරු අප වාර්තා කාරුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ නිසි පරිදි ධාවනය නොවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන්ට හා ගුරුවරු නියමිත වේලාවට පාසල් වෙත ඒමට නොහැකිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ නගරබද පාසල් කීපයකම මේ තත්වය ඇතිවී තිබෙන බව ඌව පළාත් අධ්‍යාපන බලධාරියෙක් පැවසීය.

බස්රථ  රියදුරන් කීපදෙනෙම පැවසුවේ තම බස්රථවලට  ඉන්ධන ලබාගැනීම සදහා දින ගනන් ඉන්ධන පෝලිමේ රැදීසිටීමට සිදුවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන් හා ගුරුවරු සදහා වෙනදා මෙන්  ප්‍රවාහන පහසුකම් ලබාදීමට නොහැකි වී ඇති බවයි.