පරවිදූව පාලමට යළි හානි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මේ දිනවල මුහුදේ පවතින සැඩ රල පහර හේතුවෙන් මාතර පරවිදූව උපෝසතාගාරයට පිවිසීම සදහා ඉදි කළ තාවකාලික පාලමට ද හානී සිදු යළි අවධානම් සහගත තත්වයක් ඇති වීම නිසා . එම විහාරස්ථානයට ඇතුළු වීමට නොහැකි වන පරිදි දොරටුව වසා දැමීමට කටයුතු කර ඇත.

බැතිමතුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවද ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දානය ගෙන ඒම පවා ගැටලු සහගත තත්වයක පවතින බවද එහි වීහාරාධිකාරී වීටියල ඉන්දරතන නාහිමියන් පැවසූහ.

අදාල පාලම පුපුරා යාමකට ද ලක්ව තිබෙන අතර එහි ආධාරක සිලින්ඩර කිහිපයක්ම සැඩ රල පහරට ගසා ගෙන ගොස් තිබේ.

ගාල්ල පිටිගල යුධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ කණ්ඩායමක් පැමීණ පාලම තව දුරටත් විනාශ වී යාම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් තිබුණි.

ඊට සහභාගී සෙබලුන් දෙදෙනෙකු ද සැඩ පහර නීසා මුහුදට වැටි අනතුරට ලක්ව තිබු අතර සෙසු සාමාජිකයන් ඔවුන්ට කිසිදු අනතුරක් නොමැතිව බේරා ගැනීමට සමත්ව තිබුණේය.

පරවිදූව උපෝසතාගාරයට පිවිසීමට තිබු අබලන් පාලම විශාල පිරිසක් ද සමග මීට මාස තුන හමාරකට පෙර මුහුදට කඩා වැටුණි.

ඉන් අනතුරුව විදුලි කණු හා කොන්ක්‍රීට් යොදා දින දහයක දී යුද හමුදාව විසින් ඉදි කළ මෙම තාවකාලික පාලම හිටපු යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.