පර්ල් නෞකාවෙන් විසිවූ කොටස් මීගමුවට ගොඩ ගසයි


(යොහාන් භාසුර)

ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටතට විසිවූ බහලුම්වල තිබූ පැකට් වැනි ද්‍රව්‍ය මීගමුව වෙරළ තීරයේ කොච්චිකඩේ සිට බෝපිටිය දක්වා වෙරළේ තැනින් තැනට ගොඩගසා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

එම ගොඩගසා ඇති ද්‍රව්‍යවල රසායනික අඩංගු වීමට ඉඩත ඇති බවත් ඒ හේතුවෙන් ඉනතාව ආරක්‍ෂා කිීම සඳහා එම වෙරළ තීරයට නාවිත හමුදා නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ යොමු කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)