පලස්තීනුවන්ගේ අයිතිය වෙනුවෙන් අබ්බාස් හඩ නගයි


කුමන ආකාරයේ අභියෝග ආවත්, පලස්තීන වැසියන්, ඔවුන් ජීවත් වන භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා තිබේ.

පලස්තීන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ඊජීප්තුවේ කයිරෝ නුවර පැවැත්වුණු විශේෂ සමුළුවට එක් වෙමිනි. සමුළුව පැවැත්වූයේ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ආරම්භ වුණු ගැටුම් සමතයකට පත් කිරීමේ අරමුණින්ය. සමුළුව පැවැත්වූයේ ඊජිප්තු ජනාධිපති අල් සීසීගේ ප්‍රධානත්වයෙනි.

සමුළුවට ඇමෙරිකන් නිජෝතයන් සහභාගී වූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කළත්, බටහිර මාධ්‍ය අනුව, ඇමෙරිකානු නියෝජනයක් සිදුවී නැත. ඊශ්‍රායල නියෝජිතයන් ද සමුළුවට සහභාගී නොවිණි.

(ඒ.එෆ්.පී.)