(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මරදාන දේවානම්පියතිස්ස මාවතේදී පහර දීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වන පුද්ගලයෙකි .පහරදීම සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය පුද්ගලයා සහ සැකකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.