පහළ අන්දරවැව බන්ඩි ගොයමට පොහොර නෑ


(දිලීප් ජයසේකර සහ රොෂාන් දිලිප් කුමාර)

හම්බන්තොට පහළ අන්දරවැව  විනාශවෙමින් යන බන්ඩි ගොයමට පොහොර දෙන්නැයි ඉල්ලා  ගොවීහු පහළ අන්දරවැව කුඹුරු යායේදී අද (18) විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවයට එක්ව සිටි ගොවීන් පැසුවේ පොහොර නොමැති විම නිසා බන්ඩි ‍ගොයම විනාශ වෙමින් යන බවයි. කණකර උගස් කර සිදුකල වගාව ආරක්ෂා කර ගැනිම සදහා අවශ්‍ය පොහොර ටික ලබා දෙන ලෙස විරෝධතාවයට එක්ව සිටි ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.